පිරිසුදු දේශපාලනයක් ඇති කිරීමට පක්‍ෂ වලට ඕනෑකමක් නැහැ

  👤  2845 readers have read this article !
By mawbima 2017-12-14

පිරිසුදු දේශපාලනයක් රට තුළ ස්ථාපිත කිරීමට දේශපාලන පක්ෂ සක්‍රිය ලෙස දායකත්වයක් ලබාදෙන බවක් පෙනෙන්නට නොමැති බවත් මෙවර පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා ලබාදීමේදී නුසුදුසු පුද්ගලයන්ට අවස්ථාව ලබාදී ඇති බැවින් එය මනාව තහවුරු වන බවත් මාර්තු 12 ව්‍යාපාරය පවසයි.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව පැවැසීය.
යම් දේශපාලන පක්ෂයක් නුසුදුසු, දූෂිත පුද්ගලයන්ට නාම යෝජනා ලබාදෙන්නේ නම් එම දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් පිළිබඳව නොබියව සියලු තොරතුරු රටට හෙළි කරන බව හෙතෙම සඳහන් කළේය.

මාධ්‍ය හමුවේදී මෙසේද කීය. හෙතෙම මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නව මැතිවරණ ක්‍රමය යටතේයි. එවැන්නක් හඳුන්වා දීමට පාදක වූ මූලික කරුණ වූයේ ගමට වගකියන නියෝජිතයෙක් තෝරා පත්කර ගැනීමයි. කවර නිෂේධනාත්මක ලක්ෂණ පැවැතියේ වුවද ශ්‍රී ලාංකේය ඡන්දදායකයන් ලෙස අපගේ වගකීම වන්නේද දැනට බලාත්මක නව මැතිවරණ ක්‍රමයට අනුගතව මැතිවරණයේදී නව සභිකයන් තේරීමට සහාය වීමයි. කෙසේ වෙතත් සැලකිය යුතු කරුණු කිහිපයක් ගැන අප අවධානය යොමු කළ යුතුයි.

පැරැණි මැතිවරණ ක්‍රමය සහ සන්සන්දනාත්මකව බලන විට පළාත් පාලන ආයතන සඳහා පත්වීමට නියමිත සභිකයන් සංඛ්‍යාව දෙගුණයකටත් වඩා අධිකයි. එහි ඵලදායිතාව ර¼දා පවතින්නේ පත්වන මන්ත්‍රිවරුන්ගෙ ගුණාත්මක භාවය මතයි. සුපුරුදු පරිදි සුදුසු අපේක්ෂකයන් සඳහා නාම යෝජනා ලබාදීම හරහා සිදුවිය හැක්කේ පුංචි ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කිරීමයි.

නව ක්‍රමය යටතේ තමන් හට අභිමත අපේක්ෂකයන් තෝරා ගැනීමේ වරම ඡන්දදායකයන් සතුව නැහැ. අදාළ දේශපාලන පක්ෂයට තම කැමැත්ත පළ කළ යුතු අතර අපේක්ෂකයන් තෝරා ගැනීමේ වගකීම පවතින්නේ දේශපාලන පක්ෂවලටයි.

මෙහි පවතින මීළඟ දුර්වලතාව තමයි සියයට 25ක කෝටාවක් මඟින් කාන්තා නියෝජනය සහතික කළද, අපේක්ෂිකාවන් ලෙස සුදුසු කාන්තාවන් තෝරා ගැනීම ඒ ඒ දේශපාලන පක්ෂ සතු වගකීමක්. ප්‍රායෝගික තලයේදී සිදුවන්නේ අදාළ දේශපාලන පක්ෂයේ සංවිධායකවරයාට අභිමත කාන්තාවන් පිරිසක් තෝරා ගැනීමයි.
මේ පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නෙ නව මැතිවරණ ක්‍රමය අර්ථාන්විත කිරීම සඳහා ප්‍රමුඛ වගකීම පවතින්නේ දේශපාලන පක්ෂවලට බවයි. කනගාටුවට කරුණ තමයි දේශපාලන පක්ෂ බහුතරයක් අපේක්ෂකයන් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු අවම නිර්ණායකවත් සලකා නොතිබීමයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සුදුසු පුද්ගලයන් ජයග්‍රහණය කිරීම ජනතාවගේ වගකීමක්. අපි ජනතාවට කියනවා සුදුසුම පුද්ගලයා ගමට පත් කර ගන්න කියලා. ඒ එක්්කම දූෂිත අපේක්ෂකයන් පිළිබඳව තොරතුරු පවතින්නේ නම් මාර්තු 12 ව්‍යාපාරය, නො. 12/3, රොබට් ටෙරසය, රොබට් ගුණවර්ධන මාවත, කොළඹ 6 ලිපිනයට යොමු කරන ලෙස ඉල්ලීමක් කරනවා.

සිදත් මෙන්ඩිස්

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon