දැනුමෙන් හා ශිල්පීය ඥානයෙන් යුතු ආරක්ෂක හමුදාවක් ගොඩනැඟීමට සියලු පහසුකම් ලබා දෙනවා

  👤  2863 readers have read this article !
By mawbima 2017-12-14

ජාතික ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව දැනුමෙන් මෙන්ම නව ශිල්පීය ඥානයෙන් යුතු ආරක්ෂක හමුදාවක් ලෙස ගොඩනැඟීමට ලබා දිය යුතු සියලු පහසුකම් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

සාමකාමී රටක ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම් ඉටු කිරීමේදී මෙන්ම අන්තර්ජාතික සහයෝගිතාව සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳ වගකීම් ඉටු කිරීමේදී අපගේ ආරක්ෂක හමුදාව තාක්ෂණික දැනුමෙන් මෙන්ම ශිල්පීය ඥානයෙන් සන්නද්ධ විය යුතු බවද ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයීය අංක 11 පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවයට ඊයේ (13දා) එක් වෙමිනි.
ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 11 යටතේ අධ්‍යාපනය සම්පූර්ණ කළ යුද හමුදා නිලධාරීන් 65 දෙනෙක්ද, නාවික හමුදාවේ 23 දෙනෙක්ද, ගුවන් හමුදාවේ 26 දෙනෙක්ද විදේශීය හමුදා නිලධාරීන් 14 දෙනෙක්ද මෙහිදී උපාධි ලබාගත්හ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon