නාවට්කුලි විහාරයේ ඉදිකිරීම් සම්බන්ධව ගෞරවාන්විත තීන්දුවක් දුන් දිසා විනිසුරු ශ්‍රී නිධිට සම්මානයක්

  👤  2933 readers have read this article !
By mawbima 2017-12-14

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනය, නාවට්කුලි බෞද්ධ විහාරයේ ඉදිකිරීම් ඉතා කඩිනමින් අවසන් කිරීම සඳහා ගෞරවාන්විත නඩු තීන්දුවක් ලබාදුන් යාපනය චාවකච්චේරිය දිසා විනිසුරුවරිය වන ශ්‍රී නිධි නන්දසේකරම් මහත්මියට පසුගියදා යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා විසින් සම්මානයක් පිරිනමා තිබේ.
යාපනය මහාධිකරණ සුබ සාධක සංගමය මඟින් යාපනය මහාධිකරණ සංකීර්ණයේදී සංවිධානය කළ උළෙලකදී මෙම සම්මානය පිරිනමා ඇත.
නන්දසේකරම් මහත්මිය ලබන ජනවාරි මස 01දා සිට වවුනියාව දිසා විනිසුරුවරිය වශයෙන් යළිත් දෙවැනි වරටත් සේවය කිරීමට නියමිතය.
යාපනය නාවට්කුලි විහාරස්ථානයේ දාගැබ ඉදිකළ ඉඩම සම්බන්ධයෙන් වූ ගැටලුවේදී බුදු දහමේ අගය පහදා දෙමින් දේශනයක් පැවැත්වීමටද ශ්‍රී නිධි නන්දසේකරම් මහත්මිය කටයුතු කළාය.

එම විහාරස්ථානයේ දාගැබ ඉදිකිරීමට නියමිත ඉඩමට යාපනය කොඩිකාමම් ප්‍රාදේශීය සභාව අවසරය ලබා නොදීම සම්බන්ධයෙන් වූ ගැටලුවේදී හින්දු භක්තික කාන්තාවක් වුවද තමන් සහ තම දූ දරුවන් පවා බුදු දහම අදහන බවද පවසමින් ඉඩමේ ගැටලුව නිමා කිරීමට නියෝග කළාය.

මහෙස්ත්‍රාත්වරිය වෙත ගෞරවය පිරිනැමීමේ අවස්ථාවට යාපනය මහාධිකරණ කාර්ය මණ්ඩලය ඇතුළු නීතිවේදීහු පිරිසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon