මැතිවරණයට කලින් එදා අල බෙදුවට අද සහනාධාර බෙදන්නටත් මැතිවරණ කොමසාරිස්ගෙ අවසරය ඕනෑ

  👤  2611 readers have read this article !
By mawbima 2017-12-14

නුවන් හෙට්ටිආරච්චි

රටේ මැතිවරණයට කලින් සහනාධාර ලෙස අල බෙදූ කාලයක් තිබුණත් අද සහනාධාර බෙදන්නට මැතිවරණ කොමසාරිස්වරයාගෙන් අවසර ගත යුතු බව විදේශ රැකියා සහ අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල ප්‍රකාශ කළාය.
රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, කිරිබත්ගල කන්ද නාය යෑමෙන් නිවාස අහිමි වූවන්ට ඉඩම් කට්ටි ලබාදීමට දොඹගම්මන හා කුකුළුගල ප්‍රදේශයට ගිය අවස්ථාවේ ඇමැතිවරිය මේ බව පැවැසුවාය.

එහිදී අදහස් දක්වමින් ඇමැතිවරිය මෙසේද කීවාය.
මට මතකයි මොනරාගල පළාත් සභා මැතිවරණයට ගිහින් ඉන්න කොට පසුගිය කාලේ මිනිසුන්ට අල කිලෝ තුන ගාණේ බෙදුවා. නමුත් අපි ඒවා නැවැත්තුවා. අද එන්න එන්නම ජනගහනය වැඩි වෙනවා. ඒ වැඩිවෙන ජනගහනයට සාපේක්‍ෂව ඉඩම් ප්‍රශ්නයත් උග්‍රවෙනවා. ඒ නිසා අපි තීරණයක් ගත්තා තට්ටු නිවාස හදන්න. සහනාධාර බෙදන එක නවත්වලා අපි කවුරුත් බලාපොරොත්තු නොවුණු ආපදා තත්ත්වයකට මැයි මාසයේ මුහුණ දුන්නා. විශාල කාලගුණික වෙනසක් රටේ ඇතිවේගෙන යනවා. වහින්නේ නැති කාලෙට වහිනවා. වහින ප්‍රමාණය වැඩිවෙලා තියෙනවා. අපි මේ හැමදේම කරන්නේ අපේ දරුවන්ගේ ජීවිත වෙනුවෙන්. අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කියලා කල්පනා කරලා අවශ්‍ය හැම සහයෝගයක්ම ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon