මහ ඇමැති ධුරය ගැන මගේ විශ්වාසයක් නැහැ

  👤  2734 readers have read this article !
By mawbima 2017-12-14

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය දරන තමන්ගේ ප්‍රධාන අමාත්‍ය ධුරයේ අනාගතය පිළිබඳව විශ්වාසයක් නැතැයි සී.වී. විග්නේශ්වරන් මහතා පළාත් සභා සැසිවාරයේදී පෙරේදා (12දා) පැවැසීය.

ඔහු ඒ බව සඳහන් කළේ උතුරු පළාත් සභාවේ 2018 වර්ෂය සඳහා වූ අය-වැය පළාත් සභාවට ඉදිරිපත් කිරීමට පෙර සභාව අමතමිනි.
උතුරු පළාත් සභාවේ මීළඟ ප්‍රධාන අමාත්‍යවරයා පක්ෂ හා විපක්ෂ මන්ත්‍රිවරු රැසක් වටකොටගෙන සිටින බව තමන්ට මේ අවස්ථාවේදී පෙනී යන්නේ යැයි පවසමින් විග්නේශ්වරන් මහතා පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥානම් මහතා දෙස බලමින් සිනාසුණු අවස්ථාවේදී සභාපතිවරයාද සිනාසී ඇත. තවදුරටත් කතා කළ ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ දේශපාලනය පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බවයි. මීළඟ ප්‍රධාන අමාත්‍ය ධුරය සම්බන්ධයෙන්ද ඇත්තේ එවැනි අවිනිශ්චිතභාවයක් බව පැවැසූ ප්‍රධාන අමාත්‍යවරයා දැනට තමන් දරන ප්‍රධාන අමාත්‍ය ධුරයේ අනාගතය සම්බන්ධයෙන් ඇත්තේද අවිනිශ්චිත තත්ත්වයක් බව පවසා ඇත.

එහෙත් තව වසරක කාලයක් උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා තමන් බව විශ්වාස කළත් දේශපාලනයේදී ඒ අනාගතය පිළිබඳව හෝ විශ්වාසයක් තැබිය නොහැකි බවත් තවදුරටත් සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon