මේ වාරේ ආණ්ඩුවත් අපේ: පොලිසියත් අපේ අතේ

  👤  2638 readers have read this article !
By mawbima 2017-12-14

ඒකල - ප්‍රසංග පාවුළුහේවා

මේ මැතිවරණ ක්‍රමය ගැන මටත් හරි වැටහීමක් නෑ. ගියවර මනාප තරගයක් තිබ්බේ. ගියවර පැරැදුණේ අපේ අයට ගහල යුද්ධයක් කරපු නිසයි. දැන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තියෙන්නේ. මහින්ද රාජපක්ෂ ඉන්නෙ විපක්ෂයේ. මේ සැරේ ආණ්ඩුවත් අපේ. පොලිසියත් අපේ. කිසි දෙයකට බය වෙන්න දෙයක් නෑ. මේ සැරේ චණ්ඩි පාට් දාන්න ආවොත් ගහල එළවනවා. සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා එසේ ප්‍රකාශ කළේ වත්තල ගල්වැටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේද කීය.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ගියවර වගේ මනාප සටනක් නෑ. තමන්ගෙ කොට්ඨාසයට වැඩ කරගන්න නියෝජිතයෙක් පත් කරගන්න ජනතාවට හැකියාව තියෙනවා. අපට ඕන තමුන්නාන්සේලාගේ කතිරය විතරයි. මේ සැරේ චණ්ඩි පාට් දාන්න ආවොත් ගහල එළවනවා.
අද වී. ප්‍රකාශ් මහත්තයා ඔයාලට රු. ලක්ෂ 20කටත් වඩා වටිනා බඩු බෙදුවා. අපි මේ මැතිවරණයක් වෙනුවෙන් භාණ්ඩ බෙදා දෙනවා නෙවෙයි. අපි මේ දෙන්නේ නත්තලට දෙන තෑග්ගක්. බඩු බෙදන්න බැරිවෙන්නේ නාම යෝජනා දුන්නට පස්සෙයි. මැතිවරණ නීතිය ඒකයි.

දැන් පොල් ගොඩක් ගණන් නේද..? පොල් මෙච්චර ගණන් ගිහිල්ලා තියෙන්නේ ඇයි..? පොල් රත්තරන්ද..? පසුගිය කාලෙ නියඟයක් ආවා. ඒකෙන් පොල් අස්වැන්නත් අඩුවුණා. අපි ඉදිරියේදී පිටරටින් හරි පොල් ගෙනත් මිල අඩු කරනවා. එළවළු ගණන් ගිහින් තියෙන්නේ පසුගිය කාලෙ ගංවතුරට හසුවුණු නිසයි. අපි ඒකටත් පිළියම් යොදලා රටින් ගෙනල්ලා හරි ඉදිරියේදී මිල අඩු කරනවා.

පසුගිය මැතිවරණයේදී අපිට එරෙහිව හිටපු තුන් දෙනෙක්ම දැන් ඉන්නේ අපිත් එක්ක. ඒක නිසා මේ මැතිවරණය අපි දිනනවා. ඒක වළක්වන්න බෑ.
මගේ පාර්ලිමේන්තු ජීවිතය අවුරුදු 39ක්. ඒ අවුරුදු 39 පුරාවටම දැකපු නැති තරම් සෙනඟ කන්දරාවක් දැන් අපේ රැස්වීම්වලට එනවා.
මෙවර මුළු වත්තල මැතිවරණ කොට්ඨාසයම අපි දිනනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon