පුංචි ඡන්දය වෙනුවෙන් බණ්ඩාරවෙල නගර සභාවට හා ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩායම් 2ක්

  👤  2934 readers have read this article !
By mawbima 2017-12-14

අනුරාධා හේරත්

මෙවර පළාත් පාලන මැතිවරණයේදී බණ්ඩාරවෙල මහ නගර සභාව හා ප්‍රාදේශීය සභාවට තරග වදින්නේ ස්වාධීන කණ්ඩායම් 2ක් පමණක් බව උමා ඔය බහු විනාශකාරී ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු, ජවිපෙ උෟව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න පවසයි.

ප්‍රදේශයේ ජනතාවට බීමට තිබූ ජලය සිඳී, කඳු පිපිරී, වගාබිම් පුරන් වී දැඩි පීිඩාකාරී තත්ත්වයකට මුහුණ දී ඇති අතර මෙම සටන දිනාගැනීම වෙනුවෙන් ඔවුන් අඛණ්ඩ අරගලයක් කළ යුතුව ඇති බව පවසන විද්‍යාරත්න මහතා කියා සිටියේ එම ජනතාවට සාධාරණය ඉටු නොකර ඡන්ද අයිතිය ඉල්ලීමට කිසිවකුට අයිතියක් නොමැති බවය.
එම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එම ජනතාවගේ ඡන්දය ඉල්ලා අදාළ ප්‍රදේශවලට යෑමට අයිතියක් නොමැති බවද මන්ත්‍රිවරයා කීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon