ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට යළි අපේ රට පත් කරගනිමු

  👤  2812 readers have read this article !
By mawbima 2017-12-14

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

අතීතයේ පාඩම් ඉගෙන ගනිමින් ශ්‍රී ලංකාව නැවතත් ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරගත යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
"එදා රජරට රාජධානි සමයේදීත් යටත් විජිත පාලන සමයේදීත් ශක්තිමත් වෙළෙඳ ආර්ථිකයක් ඇති කර ගනිමින් නොබියව ජාත්‍යන්තරයට මුහුණ දුන්නා සේ කිසිදු බියකින් තොරව වර්තමානයේදීත් අනාගතය වෙනුවෙන් මේ රට තුළ නැවත ශක්තිමත් වෙළෙඳ ආර්ථිකයක් ඇති කිරීමට අපට හැකියාව තිබෙනවායි" අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ඊයේ (13දා) කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී යුරෝපා සංගමය, නෙදර්ලන්තය, ජර්මන් තානාපති කාර්යාලය හා බි්‍රතාන්‍ය කවුන්සිලය එක්ව සංවිධානය කළ "සජීවී උරුමය" වැඩසටහනට සහභාගි වෙමිනි.

"ශ්‍රී ලංකාවේ අතීතය ආරක්ෂා කර ගනිමින් එමඟිින් පාඩම් ඉගෙන ගනිමින් ණය නැති ජනතාවක් ලෙස නැවතත් ශ්‍රී ලංකාව සාර්ථක විවෘත ආර්ථිකයක් සහිත රාජ්‍යයක් බවට පත්කර ගැනීමට කටයුතු කරමු"යි අගමැතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon