රු. 75ට වැඩියෙන් පොල් විකුණුවොත් නඩු

  👤  2662 readers have read this article !
By mawbima 2017-12-14

ප්‍රධාන කාර්යාලය - 011 3134446-8/ 077 55481-3
බස්නාහිර පළාත - 077 1088914/ 077 1088907
දකුණු පළාත - 077 1088903
උතුරු මැද පළාත - 077 1088895
උතුරු පළාත - 077 1088910
සබරගමුව පළාත - 077 1088902
උෟව පළාත - 077 1088917
වයඹ පළාත - 077 1088904
නැඟෙනහිර පළාත - 077 0110096
මධ්‍යම පළාත - 077 1088905

පොල් ගෙඩියක් රුපියල් 75ක මිලකට අලෙවි කළ යුතු බවට රජය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබියදී ඒ පිළිබඳ නොසලකා හරිමින් අධික මිල ගණන්වලට පොල් අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දෙන ලෙස එම අධිකාරිය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලයි.
නියම කර තිබෙන රුපියල් 75ක මුදලට පොල් ගෙඩියක් ඉල්ලා සිටින පාරිභෝගිකයකුට එම මිලට පොල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන බවත් එවැනි වෙළෙඳුන් වෙතොත් අදාළ තොරතුරු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබාදුන් වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න "මව්බිම"ට පැවැසීය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දීප ව්‍යාප්තව වැටලීම් සිදුකරන බව සඳහන් කළ සභාපතිවරයා ඊයේ (13දා) වන විට වැටලීම් 1386ක් සිදු කර 1213 දෙනකුට නඩු පවරා ඇති බවත් ඒ අතර වැඩි මිලට පොල් අලෙවි කළ වෙළෙඳුන් 162කට එරෙහිව නඩු පවරා ඇති බවත් සඳහන් කළේය.
පිටකොටුව, මැනිං වෙළෙඳපොළට පොල් රැගෙන ආ තොග වෙළෙඳුන් කිහිප දෙනකුද සිල්ලර වෙළෙඳසල්වලට වැඩි මිලට පොල් විකුණමින් සිටියදී අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් අල්ලාගෙන ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇත.

වැඩි මිලට පොල් අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ අංක 011-3134446-8/7755481-3, බස්නාහිර පළාත - 077-1088914/0771088907, දකුණු පළාත - 077-1088903, උතුරු මැද පළාත - 077-1088895, උතුරු පළාත - 077-1088910, සබරගමුව පළාත - 077-1088902, උෟව පළාත - 077-1088917, වයඹ පළාත - 077-1088904, නැඟෙනහිර පළාත - 077-0110096, මධ්‍යම පළාත - 077-1088905 යන දුරකතනවලට අමතා දැනුම් දෙන ලෙස සභාපති හසිත තිලකරත්න පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වැඩි මිලට පොල් විකිණීම සම්බන්ධයෙන් වැටලීම් සිදු කිරීමේදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බොරලැස්ගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු බවත් එවැනි රාජකාරියට බාධා කරන වෙළෙඳුන් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවමත් පොල් ගෙඩියක් විකුණන්නේ රුපියල් 100-115ත් අතර මිලකටය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon