ආණ්ඩු පක්ෂයේ ආසන පැනවීමේ වෙනසක් නොබෝ දිනකින් බලාපොරොත්තු විය හැකියි

  👤  3307 readers have read this article !
By mawbima 2017-12-13

ආණ්ඩු පක්ෂයේ ආසන පැනවීමේ වෙනසක් නොබෝ දිනකින්ම බලාපොරොත්තු විය හැකි බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට කොතරම් චෝදනා එල්ල කළද ඒවා ජනතාව නොපිළිගන්නා බවයි. ඒ බව ඒකාබද්ධ පිලටද දැන් දැන් අවබෝධ වෙමින් තිබෙන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ආණමඩුව, සියඹලෑව, නෙලිවැව ප්‍රදේශයේ පැවැති උත්සවයකදීය.
අමාත්‍යවරයා මෙසේද කීය.

ඒකාබද්ධ පිලේ බොහෝ අය දැන් ඉස්සර තරම් සද්ද දාන්නේ නෑ. බොරු කියමින් ජනතාව රවටන්නත්, රට අරාජික කිරීමටත් ඔවුන් උත්සාහ කළා. දැන් ඒ අයම තේරුම් අරන් තියෙනවා සැබෑ තත්ත්වය. නිදහස් රටක්, දුක නැති සමාජයක් වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ ගොඩනැඟෙන බව ජනතාවගේ විශ්වාසයයි. කවුරු මොනවා කිව්වත් ජනතාව තුළ ඒ විශ්වාසය තිබෙනවා. එබැවින් කොච්චර කෑ ගැහුවත් බොරු කිව්වත් ජනතාව මුළා කළ නොහැකි බව ඒකාබද්ධ පිලේ ගොඩ දෙනකුට දැන් තේරුම් ගිහින් තිබෙනවා.
මේ තුළ කට්ටියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා සිදු කරන වාතාවරණයකුත් ඇති වෙලා තිබෙනවා. තවත් අය තව තව තැන්වල සාකච්ඡා සිදු කරනවා වෙන්නත් පුළුවන්.

මේ තත්ත්වය තුළ එහෙන් කී දෙනෙක් මෙහෙට එයිද කියන්න අපි දන්නේ නෑ. මොනදේ වුණත් දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහි පරීක්ෂණ අඛණ්ඩව සිදුවිය යුතුයි. එසේ නොවුණහොත් එක්සත් ජාතික පක්ෂයට නිහඬව සිටින්නට අපහසු වේවි. ඒ බවත් අපි පැහැදිලිව කිව යුතුයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon