පොල්පිතිගම නවෝද්‍යාගේ ජීවිතය රැක ගනිමු

  👤  3211 readers have read this article !
By mawbima 2017-12-13

පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩහපොළ, මොරොත්ත පදිංචි මඩහපොල මහින්ද මහා විද්‍යාලයේ තුන ශේ්‍රණියේ අධ්‍යාපනය ලබන එම්.ඒ. නෙත්මි නවෝද්‍යා දැරිය තැලසීමියා රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටී.
ඇට මිදුළු බද්ධය මඟින් මෙම අහිංක දැරිය සුවපත් කළ හැකි බව ඇය පරීක්‍ෂා කළ විශේෂඥ වෛද්‍ය ගනේෂන් මහතා සහ විශේෂඥ වෛද්‍ය සේනානි මහත්මිය ප්‍රකාශ කර ඇත.
නෙත්මි දැරියගේ බාල නැඟණියගේ ඇට මිදුළු ඒ සඳහා සියයට සියයක් ගැළපෙන බවද සිදු කරන ලද පරීක්‍ෂණවලදී තහවුරු වූ බව ඇයගේ පියා වන එම්.ඒ දයා සෙනරත් මහතා පවසයි.

කොළඹ නවලෝක රෝහලේදී සැත්කම සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා රුපියල් ලක්‍ෂ තිස්පහක මුදලක් වැය වන බව රෝහල මඟින් දැනුම්දී ඇත. සැත්කමෙන් පසු ඇය මාස තුනක කාලයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතු අතර ඉන් පසුව තවත් කාලයක රෝහලෙන් බැහැර සිට දින දෙකකට වරක් සායනය සඳහා පැමිණිය යුතුය. ඒ සඳහා රෝහල ආසන්නයේ නේවාසික විය යුතු බැවින් ඉහත මුදලට අමතරව තවත් සෑහෙන මුදලක් වැය කිරීමට සිදුවේ.

පසුගිය කාලය තුළ කරනු ලැබූ ඉල්ලීම්වලට අනුව විවිධ දානපතීන් හා පරිත්‍යාගශීලීන් විසින් රුපියල් ලක්‍ෂ විසි නවයකට ආසන්න මුදලක් ලබා දුන් බව දැරියගේ මව වන රේණුකා සුදර්ශනී මහත්මිය ප්‍රකාශ කරයි.

මෙම මුදලට අමතරව තවත් රුපියල් ලක්‍ෂ දහයක පමණ මුදලක් වියදම් ආවරණය කර ගැනීම සඳහා අවශ්‍ය වනු නොඅනුමානය. නෙත්මි දැරියගේ පියා හා මව සුළු ගොවිතැන් කටයුතුවලින් හා දෛනික කුලී වැඩවල යෙදෙමින් පවුලේ ජීවිකාව සොයා ගනිති. ධනවත් සමීප ඥාතීන්ද නොමැති ඔවුන්ට මෙම මුදල සපයා ගැනීම සිහිනයක් පමණක් වනු ඇත.
එබැවින් නෙත්මි නවෝද්‍යා දැරියගේ ජීවිතය රැකගැනීමට දායක වන්නැයි මවුපියෝ ඉල්ලා සිටිති.

ඒ සඳහා නෙත්මි නවෝද්‍යාගේ මව වන එච්.එම්. රේණුකා සුදර්ශනී නමින් මැල්සිරිපුර මහජන බැංකු ශාඛාවේ ඇති 344200130057212 දරන ගිණුමට ඔබේ පරිත්‍යාග බැර කළ හැකිය. මව 0765965807
හිරියාල - කේ.පී. සුනිල්

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon