ජනපති ප්‍රධානත්වයෙන් ජනරැලි 22ක්

  👤  3416 readers have read this article !
By mawbima 2017-12-13

සිදත් මෙන්ඩිස්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමේ අරමුණින් ජනතාව දැනුවත් කිරීම සඳහා පක්ෂයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්...ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමේ අරමුණින් ජනතාව දැනුවත් කිරීම සඳහා පක්ෂයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් ප්‍රධාන ජනරැලි 22ක් පවත්වන බව එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කෙළේය. නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා රැස්වීම් 100ක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ ආසනයකට දෙක බැගින් ජනහමු 320ක් පවත්වන බවද නියෝජ්‍ය කතානායකවරයා පැවැසීය.
ඡන්ද පොළ මධ්‍යස්ථාන 8,000 ආවරණය වන පරිදි බිම් මට්ටමින් කුඩා ජනහමු 20,000ක් පැවැත්වීමට නියමිත බවද තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon