නාමයෝජනා හෙටින් අවසන්

  👤  3285 readers have read this article !
By mawbima 2017-12-13

චාමර අමරසූරිය

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ පළමු අදියරයේ අවසාන දිනය වන හෙට (14දා) දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල පිහිටි ප්‍රදේශයන්ට පොලිස් නිලධාරීන් දසදහසක බළඇණියක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

පක්ෂ ගණනාවක් එදිනට නාමයෝජනා භාරදීමට ඉඩකඩ ඇති නිසා මෙවැනි ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදවීමට පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල තදබදය අවම කර ගැනීම සඳහා අවසරලත් පිරිස පමණක් නාම යෝජනා භාරදීමට පැමිණෙන ලෙසද පොලිසිය පක්ෂ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon