‘ඊ ස්වාභිමානී’ රන් සම්මානය ජනපතිට පිළිගන්වයි

  👤  3393 readers have read this article !
By mawbima 2017-12-13

මහජන ගැටලු සෘජුව ජනාධිපතිවරයා වෙත යොමු කරමින් විසඳුම් ලබාදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන "ජනාධිපතිට කියන්න" වැඩසටහන පසුගියදා ඊ ස්වාභිමානී රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

තොරතුරු තාක්ෂණය පොදුජන සේවය වෙනුවෙන් උපරිමයෙන් භාවිත කිරීම ඇගයීමට ලක් කරමින් ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් "ජනපතිට කියන්න වැඩසටහන" මෙම සම්මානයට පාත්‍ර කළ අතර ඊයේ (12දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම සම්මානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදෙනු ලැබීය.

සම්මානය ජනාධිපති වෙත පිළිගන්වනු ලැබුවේ විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් වසන්ත දේශප්‍රිය මහතා විසිනි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන, ජනාධිපති අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම, ජේ‍යෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ, ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ ජේ‍යෂ්ඨ සාමාන්‍යාධිකාරි සමන් පෙරේරා, සාමාන්‍යාධිකාරි ප්‍රභාත් ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනපතිට කියන්න වැඩසටහනට මේ වන විට පැමිණිලි 164504ක් ලැබී ඇත. ඉන් විස¼දා අවසන් කළ පැමිණිලි සංඛ්‍යාව 62351කැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon