රත්නපුරෙනුත් කෙනෙක් එනවලු

  👤  3183 readers have read this article !
By mawbima 2017-12-13

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ළඟදීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළකිරීම සඳහා සූදානමින් සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දැනටමත් ජනාධිපතිවරයාට සහාය පළකිරීම සම්බන්ධයෙන් පැවැති මූලික සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවද දැනගන්නට ඇත.
ළඟදීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසී තම සහාය ආණ්ඩුවට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදීමට සූදානම් බව දැනුම් දීමට මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සූදානමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon