පානම වේවැල් දළයාත් අතුරුදන්

  👤  3260 readers have read this article !
By mawbima 2017-12-13

පානම පොතුවිල් ප්‍රධාන මාර්ගයේ පානම සිට කිලෝමීටර් 4ක් පමණ දුරින් පිහිටි ශාස්ත්‍රවෙල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල පසුගිය කාලයේ සැරිසැරූ වේවැල් දළයා නමින් හඳුන්වන දළ ඇතා දැනට මාස ගණනාවක සිට අතුරුදන්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

වේවැලක් මෙන් දළ පිහිටා තිබීම හේතුවෙන් එම සතාට වේවැල් දළයා යන නම තබා ඇති අතර කිසිවකුට කරදර නොකර ප්‍රධාන මාර්ගය අසල සැරිසැරූ මෙම ඇතා ටිකකලක සිට දැක ගැනීමට නොහැකි වීම සැක සහිත බව එම මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනෙක් පැවැසූහ.

මේ සම්බන්ධව ඔකඳ වනජීවී උද්‍යාන භාරකරු සිසිර රත්නායක මහතා සඳහන් කළේ මෙම ඇතා පානම ප්‍රදේශයේ ජීවත්වන සතෙකු නොවන අතර වරින් වර විවිධ ප්‍රදේශවල සැරිසරන බවත් මීට ටික දිනකට පෙර මෙම ඇතා තම නිලධාරීන් දැක ඇති බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon