දුම්රියට වැඩි කළොත් සෞඛ්‍යයෙන් ලෙඩක්

  👤  3229 readers have read this article !
By mawbima 2017-12-13

දෙනගම ධම්මික රණවීර

දුම්රිය දෙපාර්තමේන්තුවට පමණක් වැටුප් වැඩි කළොත් වැටුප් විසමතාවක් ඇති වී සෞඛ්‍ය සේවා වෘත්තීන්වලට අසාධාරණයක් සිදුවන බවත් එසේ අසාධාරණයක් සිදු වුවහොත් සෞඛ්‍ය වෘත්තීන් සියල්ල එක් වී වැඩවර්ජනයකට යොමු වන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවැසීය.

ඔහු එසේ පැවැසුවේ ඊයේ (12දා) සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ පුංචි බොරැල්ල කාර්යාලයේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්ය.
2006 ජුනි 1 වැනිදා වන විට සෞඛ්‍ය වෘත්තීන්වලට වඩා පහළ වැටුප් තලයක සිටි දුම්රිය දෙපාර්තමේන්තුව 2015 අගෝස්තු 1 වැනිදා සිට නව වැටුප් වැඩිවීමක් ලබා ගැනීමෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අසාධාරණයක් සිදු වූ බව පවසන රත්නප්‍රිය මහතා ඊට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා පසුගිය නොවැම්බර් 22 වැනිදා වැඩ වර්ජනයක නිරත වූ බවද සඳහන් කළේය. රාජ්‍ය සේවකයන්ට වසර 10කට වරක් උසස්වීම් හිමි වුවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස්වීම් ලබාදීම වසර 5කට වරක් සිදු කරන බවද කීවේය. එම නිසා වැටුප් වැඩි කරන්නේ නම් දුම්රිය දෙපාර්තමේන්තුවට සහ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට එකවර වැටුප් වැඩි කළ යුතු බවද කීවේය.

මේ මාධ්‍ය හමුවට වෛද්‍ය සී.ඩබ්ලිව්. එස්. කුමාරගේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක උපුල් රෝහණ මහත්වරු ඇතුළු පිරිසක්ද එක් වී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon