රාජ්‍ය-පෞද්ගලික සේවකයන් ඊයෙත් අනාථයි

  👤  3143 readers have read this article !
By mawbima 2017-12-13

දුම්රිය වර්ජනය හේතුවෙන් ශ්‍රී ලංගම බස්රථ සේවා යොදවා ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවද, එසේ බස් රථ නොයෙදීම නිසා කාර්යාල සේවා අවසන් කර තම නිවෙස් බලා යන රජයේ සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවෝ රැසක් ඊයේ (12දා) සවස දැඩි දුෂ්කරතාවකට පත්වූහ.

දුම්රිය ධාවන වාර 40ක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවද ඊයේ සවස 3.30න් පසු මාතර බලා එක් දුම්රියක්ද, දකුණු කළුතර බලා එක් දුම්රියක්ද, මහනුවර බලා තවත් දුම්රියක්ද, පොල්ගහවෙල සහ රඹුක්කන දක්වා මන්දගාමී දුම්රිය දෙකක්ද ධාවනය කිරීම හේතුවෙන් අති විශාල පිරිසකට තම නිවෙස්වලට යෑමට දැඩි දුෂ්කරතාවකට මුහුණ දීමට සිදුවූහ.

දුම්රිය වර්ජනය හේතුවෙන් ශ්‍රී ලංගම බස් සේවා ධාවනය කරන බවට පැවසුවද ඊයේ සවස 4.00 සිට 5.00 දක්වා කාලය තුළ කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබුණේ මහනුවර දක්වා ධාවනය කෙරෙන සුඛෝපභෝගී බස් රථයක් සහ සාමාන්‍ය සේවා ලංගම බස් රථයක් පමණි.

දුම්රිය වාර ප්‍රවේශපත් හිමි රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට මෙම වාර ප්‍රවේශ පත් මඟින් තම ගම් ප්‍රදේශ වෙත ගමන් කිරීමට බස්රථ යොදා ඇති බව පැවසුවද ගම්පහ, නිට්ටඹුව, මීගමුව ඇතුළු කොළඹට තදාසන්න ප්‍රදේශවලට යෑම සඳහා කිසිදු බස් රථයක් යොදවා තිබුණේ නැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon