ප්‍රශ්නෙ විසඳන්න අමුණුගම ප්‍රමුඛ කමිටුවක්

  👤  3288 readers have read this article !
By mawbima 2017-12-13

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දින කිහිපයක් පුරා ක්‍රියාත්මක වන දුම්රිය වර්ජනය පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය, ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතීත්වයෙන් යුත් සිවු පුද්ගල කමිටුවක් පත්කොට තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කළ කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර සහ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ය.

දුම්රිය වර්ජනයේ නිරත වෘත්තීය සමිති සමඟ කඩිනමින් සාකච්ඡා කොට අවශ්‍ය විසඳුම් ලබාදීම සඳහා වාර්තාවක් ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා කමිටුවට දැනුම් දී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

කැබිනට් අනුකාරක සභාව සමඟ මෙම ගැටලුව විසඳීම සඳහා පත්කළ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, ජාතික වැටුප් හා සේවක සංඛ්‍යාත කොමිසමේ සභාපති, ආයතන අධ්‍යක්ෂ ජනරාල්, දුම්රිය සාමාන්‍යාධිකාරි, කළමනාකරණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා නිලධාරි කේ. දඩල්ලගේ යන නිලධාරීන්ගෙන් සැදුම්ලත් කොමිෂන් සභාව ඒකාබද්ධව මෙම ගැටලුව විසඳීමට ඉදිරියේදී කටයුතු කරනු ඇති බවත් ඒ අනුව වර්ජනයට එක්ව ඇති සියලුම වෘත්තීය සමිති තම ගැටලුව පිළිබඳව මෙම කමිටුව ඉදිරියේදී කරුණු ඉදිරිපත් කර විස¼දා ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස තමන් මෙම ගැටලුව විස¼දා ගැනීම සඳහා පූර්ණ වශයෙන් දායකත්වය සහ සහාය ලබාදුන් බවත් ඒ නිසා සියලුම වෘත්තීය සමිති වර්ජන ක්‍රියාමාර්ග අතහැර සාකච්ඡා මට්ටමින් මෙම ප්‍රශ්න විස¼දා ගැනීමට කටයුතු කරන ලෙසත් ඇමැතිවරයා ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon