පොළොන්නරුව රෝහලට බෙහෙත් ගන්න ආ පියාට, මව හා දරු දෙදෙනාට රිය අනතුරෙන් තුවාල

  👤  3954 readers have read this article !
By mawbima 2017-12-12

පොළොන්නරුව - ප්‍රියන්ත බණ්ඩාර

අරලගංවිල, පිඹුරත්තෑවේ සිට පොළොන්නරුව මහ රෝහලට ඊයේ (11දා) අලුයම බෙහෙත් ගැනීමට පැමිණෙමින් සිටි එකම පවුලේ පියා, මව හා වයස අවුරුදු එකහමාරක අත දරුවකු හා අවුරුදු 14ක දැරියක් රැගත් තුන් රෝද රියක පිටුපසින් පැමිණි වාහනයක් හප්පා අනතුරට ලක්කොට පලාගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.
මේ අනතුර ඊයේ (11දා) අලුයම 2.45ට පමණ මනම්පිටිය එකේ කණුව ප්‍රදේශයේදී සිදුවී ඇති අතර අනතුරෙන් තුන් රෝද රියේ රියැදුරු ඇතුළු පස්දෙනාම තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු 14ක කුඩා දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා ඇති අතර අනෙක් සිවුදෙනා පොළොන්නරුව මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබති.

තුන්රෝද රිය හප්පා පලා ගිය වාහනය තවමත් හඳුනා ගැනීමට නොහැකි වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මූ.පො.ප. එම්.එස්.එම්. ජරූල් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon