දුෂ්කර පැතිවල දරුවන්ට අකිලගෙන් පාවහන්

  👤  3879 readers have read this article !
By mawbima 2017-12-12

ආර්ථික අපහසුතා සහිත බවට හඳුනා ගත් පාසල් දරුවන් 6,47,200 දෙනකුට 2018 වසර සඳහා පාවහන් තිළිණපත් පිරිනැමේ.
අති දුෂ්කර හා දුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල් 4,469ක සිසු දරුවන් වෙනුවෙන් පාවහන් තිළිණ පිරිනැමීමේ වැඩසටහනට අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් මිලියන 853ක් වැය කරයි.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් අතින් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පාවහන් තිළිණපත් පිරිනැමීම ඊයේ (11දා) පැවැත්විණි.

මේ මස 31 වැනිදා දක්වා තිළිණ පත් වෙනුවෙන් පාවහන් නිකුත් කරන ලෙස වෙළෙඳසල් හිමියන් දැනුවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය තවදුරටත් තහවුරු කර රටේ වටිනාම සම්පත වන දරුවන්ගේ අනාගතය අධ්‍යාපනයෙන් ශක්තිමත් කිරීමට තමා හැමවිටම පෙනී සිටින බව ඇමැතිවරයා එහිදී පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon