පියසිරි-වීරකුමාර-පී.බී. කුමාර මෛත්‍රිට එකතු වෙති

  👤  3902 readers have read this article !
By mawbima 2017-12-12

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක පියසිරි විජේනායක සහ උතුරු මැද පළාත් සභා මන්ත්‍රි පී.බී. කුමාර යන මහත්වරුන් ඊයේ (11දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත්හ.

ජනාධිපතිවරයා හමුවූ මෙම පිරිස මෛත්‍රිපාල සිරිසේන මහතා රට ගොඩනැඟීමට ගෙන යන වැඩපිළිවෙළට සහාය පළ කරමින් මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව ඇති අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බවට ඔවුන් ප්‍රකාශ කළ බවද ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon