වෙලාවට ළමයි ගේන එක මවුපියන්ගේ වැඩක්

  👤  4042 readers have read this article !
By mawbima 2017-12-12

සවනි ශේශාධි

දුම්රිය වර්ජනය දින කිහිපයක සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන නිසා එය අනපේක්ෂිත අහඹු සිදුවීමක් නොවන බවත් විකල්ප ක්‍රම යොදා ගනිමින් නියමිත වෙලාවට විභාග මධ්‍යස්ථානවලට පැමිණීම විභාග අපේක්ෂකයන්ගේ......වගකීමක් මෙන්ම නියමිත වේලාවට තම දරුවා විභාග මධ්‍යස්ථානය වෙත කැඳවාගෙන යෑම මවුපියන්ගේද යුතුකමක් බවත් විභාග කොමසාරිස් ජනරාල් සහන් පූජිත මහතා අවධාරණය කරයි.

දුම්රිය වර්ජනය හේතුවෙන් විභාග අපේක්ෂකයන් විභාග ශාලාවට පැමිණීමේදී යම්කිසි ප්‍රමාදයක් සිදුවුවහොත් කුමක් කරන්නේද යන්න "මව්බිම" විභාග කොමසාරිස්වරයාගෙන් කළ විමසීමකදී පැවැසුවේ උදෑසන අට වන විට තමන්ට අදාළ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණීමට හැකි වන පරිදි වැඩපිළිවෙළක් සකස් කරගත යුතු බවයි.

විභාග නීතිරීති ප්‍රකාරව විභාග කටයුතු සිදුවන නිසා උදෑසන අට වන විට විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බවත් සැහැල්ලු මනසකින් යුතුව විභාගයට මුහුණදෙන ලෙසත් විභාග කොමසාරිස්වරයා මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon