ආනන්දප්පා අපෙන් සමුගනී

  👤  3223 readers have read this article !
By mawbima 2017-12-08

ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියකු වන රන්ජන් ආනන්දප්පා මහතා ඊයේ උදෑසන හදිසියේම අභාවප්‍රාප්ත විය. මියයන විට ලේක්හවුස් ආයතනයේ සේවයේ යෙදී සිටි ආනන්දප්පා මහතා පාසල් අවධියේ කොළඹ ආනන්ද විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් වමත් වේගපන්දු යවන්නකු ලෙස ක්‍රීඩා කළ අතර, පසු කලෙක ක්‍රිකට් විනිසුරුවරයකු ලෙසද කටයුතු කළේය.

ඔහු දක්ෂ ගායකයකු ලෙසද ප්‍රචලිත අතර, ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ ගීතද ගායනා කරමින් ප්‍රසිද්ධියට පත්වූ අතර, 69 වැනි වියේදී අප අතරින් වෙන්වූ ආනන්දප්පාගේ දේහය බොරැල්ල බානි රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon