13-15 රාජකීය ගොල්ෆ් සංගම් පිටියේදී

  👤  3165 readers have read this article !
By mawbima 2017-12-08

සඳරු පෙරේරා

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ගොල්ෆ් තරගාවලි අතුරින් ප්‍රධානතම තරගාවලියක් ලෙස සැලකෙන විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලිය දෙසැම්බර් 13, 14 සහ 15 යන දිනයන්හිදී කොළඹ රාජකීය ගොල්ෆ් සංගම් පිටියේදී පැවැත්වීමට නියමිතය.

පළාත් කනිෂ්ඨ ශූරතාවලි දෙකකින් ජයගෙන කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබන තරගකරුවන්ට ජාතික ශේ‍ර්ණිගත කිරීම්වලින් ඉහළට පැමිණීම සඳහා මෙම ශූරතාවලිය පිටිවහලක් වන අතර මෙවර කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලිය සඳහා තරගකරුවන් 80 දෙනකු පමණ සහභාගී වේ.

මෙම තරග වයස් කාණ්ඩ අවු 15-18 අතර රන් කාණ්ඩය ලෙසත් අවු 12-14 අතර රිදී කාණ්ඩය ලෙසත් අවු 10-11 අතර ලෝකඩ කාණ්ඩය ලෙස හා අවුරුදු 9ට අඩු තඹ කාණ්ඩය ලෙස පැවැත්වේ. සමස්ත දින 3දී සිදුරු 18ට වැඩි පහරවල් එල්ල කළ ක්‍රීඩකයා 2017 කනිෂ්ඨ ශූරයා ලෙස මෙවර කිරුළු පලදි.
මෙවර ශූරතාවලිය සඳහා 10 වැනි වරටත් අනුග්‍රාහකත්වය දක්වනු ලබන්නේ ප්‍රීමා සන්රයිස් බේ‍රඩ් වෙතිනි.

ඡායා - තිළිණ ප්‍රනාන්දු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon