ජපන් යෙන් තිස් ලක්ෂයක් හොරෙන් පන්නන්න හැදූ ජපන් ජාතිකයා රේගු දැලේ

  👤  3178 readers have read this article !
By mawbima 2017-12-08

කටුනායක - ගයා තිරිමාදුර

රේගුවට ප්‍රකාශ නොකර නීති විරෝධී ලෙස ජපන් යෙන් තොගයක් ජපානයට රැගෙන යෑමට තැත් කළ 63 හැවිරිදි ජපාන ජාතිකයකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් පෙරේදා (6දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජපාන ජාතිකයා පෙරේදා සවස 7.30ට පමණ ටෝකියෝ බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් යෑමට සූදානම් වී සිටියදී පිටත්වීමේ පර්යන්තයේ 11 වැනි මුර කපොල්ල අසලදී ඔහුගේ ගමන් මල්ලේ සඟවාගෙන තිබූ රුපියල් 41,64,900ක් වටිනා ජපාන යෙන් 30 ලක්ෂයක මුදල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම අත්අඩංගුවට ගැනීම සහකාර රේගු අධිකාරිවරුන් වන පී. එන්. පී. පී. ප්‍රේමරත්න, කේ. පී. පී. එල්. ඩී. සුචරිතරත්න, ටී. එම්. එන්. සී. බී. තෙන්නකෝන්, ආර්. එම්. ආර්. එන්. රණසිංහ, ඩබ්ලිව්. ඒ. එල් වෙල්ගම යන මහත්වරුන් විසින් සිදු කර තිබිණි.

මේ පිළිබඳ වැඩිදුර රේගු පරීක්‍ෂණ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ කේ. පී. එන්. ටී. එන්. දේවප්‍රිය මහතා විසින් පැවැත්වූ අතර, එහිදී මෙම ජපාන යෙන් තොගය රාජසන්තක කළ අතර, මෙම ජපාන ජාතිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon