හයකෝටි නව ලක්ෂයක් අරන් අගරු චෙක්පත් දීලා

  👤  3207 readers have read this article !
By mawbima 2017-12-08

අමිල අබේරත්න

ව්‍යාපාර කටයුත්තක් සඳහා හයකෝටි නව ලක්ෂ පනස් පන්දහසක මුදලක් පුද්ගලයකුගෙන් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ඉන්දියන් ජාතිකයකු ලක්ෂ 10 බැගින් ශරීර ඇප තුනක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය පසුගියදා (05දා) නියෝග කළාය.
ඇපකරුවන් ලෙස ඉදිරිපත් කරන තිදෙනාගේ පදිංචිය තහවුරු කළ යුතු බවද මහෙස්ත්‍රත්වරිය දන්වා සිටි අතර විත්තිකරුට විදේශ ගමන් තහනමක්ද පනවනු ලැබුවාය.
අවස්ථා 4කදී විත්තිකරු විසින් අදාළ මුදල පැමිණිලිකරුගෙන් ලබාගෙන ඇති අතර මුදල් වෙනුවට අගරු චෙක්පත් ලබාදීම මඟින් වංචාව සිදුකර ඇත.

වංචා කළ මුදලින් මිලියන 45ක මුදලක් කොටස් වශයෙන් ගෙවීමට විත්තිකරු එකඟ වීම, සිද්ධිය වාණිජ ගනුදෙනුවක් වීම සහ ණය ආපසු අය කරගැනීමේ පනතට ගැනෙන වරදක් වීම ආදී කරුණු සලකා මහෙස්ත්‍රාත්වරිය විත්තිකරුට ඇප නියම කරනු ලැබුවාය.

විත්තිකරු රාහුල් කාශ්‍යප නමැති මෙරට ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන ඉන්දියානු ව්‍යාපාරිකයෙකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon