අක්මා රෝගයකින් පෙළෙන මෙත්සරණි සුවපත් කර ගැනීමට ඔබේ සහාය පතයි

  👤  3193 readers have read this article !
By mawbima 2017-12-08

අකුරැස්ස, පානඳුගම, මිටිගේවත්ත ලිපිනයේ පදිංචි අවුරුදු හතරක් වයසැති වතීෂා මෙත්සරණි සිඟිති දියණිය දරුණු අක්මා රෝගයකින් පෙළෙයි. ඇයව සුවපත් කර ගැනීම සඳහා ඉතා ඉක්මනින් අක්මාවක් බද්ධ කළ යුතු බව ඉන්දීය විශේෂඥ වෛද්‍ය නරේෂ් ශාන්මුගම් මහතා නිර්දේශ කර ඇත.
මෙම සැත්කම සඳහා රුපියල් ලක්‍ෂ හැත්තෑවක පමණ මුදලක් වැය වන බව වෛද්‍යවරුන් පවසා ඇත. වතීෂා දියණියගේ මවුපියන්ට මෙතරම් විශාල මුදලක් එකවර සොයා ගැනීම ඉතා අපහසු කාර්යයක් බැවින් මේ සඳහා ඔවුන් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය අපේක්‍ෂා කරයි.

මේ සඳහා මුදල් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලීන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අකුරැස්ස ශාඛාවේ 100557704267 දරන ගිණුම් අංකය යටතේ දරුවාගේ මව වන යූ.කේ. මල්කාන්ති නමින් ආරම්භ කර ඇති ගිණුමට මුදල් යොමු කරන ලෙස ඉල්ලා සිටී.

වැඩිදුර තොරතුරු 0788501966 යන දුරකතන අංකයට අමතා ලබාගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon