ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සරය 11දා ජනපති ප්‍රධානත්වයෙන්

  👤  3192 readers have read this article !
By mawbima 2017-12-08

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් එළැඹෙන 11දා (සඳුදා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

මෙදින පැවැත්වෙන සංවත්සර උත්සවයේදී දැනට වයෝවෘද්ධව හා විශ්‍රාමික සුවයෙන් පසුවන මාධ්‍ය ක්‍ෂේත්‍රයේ පුරෝගාමී දැවැන්තයන් දස දෙනකුට උපහාර දැක්වීමක්ද සිදුකෙරේ.
අර්නස්ට් පෝරුතොට පියනම, ගාමිණී පුටුහපුව, ඩබ්ලිව්. ජී. ගුණරත්න. පී. බාලසිංහම්, සුමනා ජයතිලක, රිච්මන්ඩ් විජේසේකර, එස්. සෙල්වකුමාර්, ලක්ෂ්මන් ජයවර්ධන, ආනන්ද අගලකඩ සහ මෙරිල් පෙරේරා යන ජේ‍යෂ්ඨ මාධ්‍යවේදීන් දස දෙනා හට මෙහිදී උපහාර පිරිනැමේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද, රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරුන්, සහ ඉන්දියානු ජනමාධ්‍යවේදී ෆෙඩරේෂනයේ සභාපති සහ ලේකම් ඇතුළු 25 දෙනකුගෙන් යුත් ඉන්දීය මාධ්‍යවේදීන් පිරිසක්ද මෙම සංවත්සර උත්සවයට සහභාගි වෙති. මෙම සංවත්සර උත්සවයට මෙරට සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන්, කතෘවරුන්, විද්වතුන් සහ මාධ්‍ය ශිල්පීන් සහභාගිවීමටද නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon