විදෙස් ශ්‍රමිකයන්ගේ මුදල්වලට බදු පැනෙව්වොත් 2018 ජනවාරියේ විදෙස් ශ්‍රමිකයන්ගේ මුදල් නවතින ලකුණු

  👤  3293 readers have read this article !
By mawbima 2017-12-08

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

විදෙස් ගත ශ්‍රමිකයන් විසින් මසකට මෙරටට එවන රුපියල් ටි්‍රලියනයක මුදලට මෙවර අය-වැයෙන් පනවන්නට යෝජිත 1%ක බද්දට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය පවසයි.

මෙවැනි යෝජනාවක් රජය විසින් ඉදිරිපත් කර ඇත්තේ විදේශගත වූවන්ගෙන් ලක්‍ෂ 30කට ඡන්ද අයිතිය නොමැති නිසා බවත් ඔවුන්ගෙන් යැපෙන පිරිසට ඡන්දය තිබෙන බව රජයට අමතක වී ඇති බවත් එම සංගමය පවසයි. ආණ්ඩුව විසින් ඉදිරියේදී මේ බද්ද පැනවීමට කටයුතු කළහොත් 2018 ජනවාරි මස සිට විදේශික ශ්‍රමිකයන් විසින් එවන මුදල තාවකාලිකව නවතා එයට විරෝධය පළ කරන බවද එම සංවිධානය පවසයි.

මේ පිළිබඳව එම සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ විය.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානය පැවැසුවේ විදෙස්ගත ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන්ට සිදුවී ඇති බලවත් අසාධාරණකම් පිළිබඳ රජය දැනුවත් කිරීමට තම සංවිධානය සූදානම් බවයි.

මේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ එම සංවිධානයේ ලේකම් සුභාෂණ සුභවික්‍රම මහතා
අපි මේ බද්දට විරුද්ධයි. විශේෂයෙන්ම කියන්න ඕනේ පසුගිය රජයේ අදාළ විෂය භාර ඇමැතිවරයා වූ ඩිලාන් පෙරේරා මහත්තයා මැද පෙරදිගදී සුපර් ස්ටාර් තරගය පැවැත්වූවා. නමුත් එම රටවල පාලම් යට අපේ මිනිස්සු ජීවත් වෙනවා. ඒ පිළිබඳ ඔහු සොයා බැලුවේ නැහැ. ඊට සාපේක්‍ෂව මේ රජයේ තලතා අතුකෝරාල ඇමැතිවරිය අපේ ප්‍රශ්න සම්බන්ධයෙන් යම් තරමක් හෝ සුබවාදීව කටයුතු කරනවා. එය 100%ක් නොවෙයි. ඒක පැහැදිලිව කියන්න අවශ්‍යයි.
අපේ තානාපති සේවාවන් නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ සඳහා සුදුසුකම් තියෙන අය පත්කරන්නට අවශ්‍යයි.

එක් ප්‍රශ්නයක් තමයි යුරෝපයේ සේවය කරන ලාංකික ශ්‍රමිකයන්ගේ වැටුපෙන් කපා ගන්නා මුදල වයස 55 වනතෙක් ඒ රටෙන් නිදහස් නොකරන ප්‍රතිපත්තියක් පවතිනවා. මේ සඳහා අපේ රට මැදිහත් විය යුතුයි.
ඡායා: අනුරුද්ධ මැදවත්තේගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon