පිටරටින් ගෙන එන පොල් ප්‍රමාණය කොපමණ දැයි තීරණය කරන්නේ අද

  👤  3199 readers have read this article !
By mawbima 2017-12-08

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

මෙරට පරිභෝජනය සඳහා පිටරටින් ගෙන්වීමට අපේක්ෂා කරන 'පොල්' ප්‍රමාණය පිළිබඳ අවසන් තීරණය අද (8දා) දිනයේදී ගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ. ඒ. රංජිත් මහතා 'මව්බිම' පැවැසීය.

මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පොල් ක්‍ෂේත්‍රයට සම්බන්ධ සෙසු රාජ්‍ය ආයතන, අමාත්‍යාංශ ප්‍රධානීන් සහ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් අද (8දා) උදෑසන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිත බව පැවැසූ ලේකම්වරයා එම සාකච්ඡාවේදී ආනයනය කිරීමට අපේක්ෂිත පොල් ප්‍රමාණයට අමතරව ගෙන්වන ක්‍රමවේදය සහ කාලය පිළිබඳව තීරණය කරනු ඇතැයි සඳහන් කෙළේය.

මේ වන විට වෙළෙඳපොළ තුළ පරිභෝජනයට අවශ්‍ය තරම් පොල් නිෂ්පාදනය නොවීම හේතුවෙන් පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටිති.
ඒ අනුව පොල් පිටරටින් ගෙන්වීමට අදාළ නීති රෙගුලාසි වෙනස් කිරීමටද මේ වන විට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon