දුෂ්කර පාසල්වලට ලබා දෙන ආහාර වේල හෝ කිරි වීදුරුව නොලැබේ නම් දන්වන්න

  👤  3183 readers have read this article !
By mawbima 2017-12-08

සවනි ශේශාධි

දුෂ්කර, අති දුෂ්කර හා හුදෙකලා පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව මඟින් ලබාදෙන දිවා ආහාර වේල හෝ කිරි වීදුරුව නොලැබෙන පාසල් ඇත්නම් ඒ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ අධ්‍යක්ෂවරියට දැනුම් දෙන්නැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධා ක්‍රිෂ්ණන් විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඇතැම් විදුහල්පතිවරුන්ට මේ පිළිබඳව අවබෝධයක් නොමැති නිසාත් විදුහල්පතිවරුන් හරහා කලාප හා පළාත් කාර්යාලවලට නිවැරැදි තොරතුරු නොලැබීම නිසාත් මේ තත්ත්වය උද්ගතව ඇතැයි අමාත්‍යවරයා තවදුරටත් පවසයි.
නොමිලේ ලබාදෙන දිවා ආහාර වේල හා කිරි වීදුරුව යන දෙවර්ගයෙන් එක් වර්ගයක් පමණක් එක් පාසලකට ලබා දෙන බවත් ඒ පිළිබඳව විදුහල්පතිවරුන් තුළ ඇති වැරැදි වැටහීම් දුරු කළ යුතුව ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පාසල් 7871ක සිසුන් 1,105,605 දෙනකු වෙනුවෙන් දිවා ආහාර වේල ලබා දෙන බවත් පාසල් 437ක සිසුන් 119,500ක් වෙනුවෙන් උදෑසන කිරි වීදුරුවක් ලබා දෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා හෙළි කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon