දෙමළ ජාතික සන්ධානයට එරෙහි දෙමළ විමුක්ති සන්ධානය ඇප මුදල් තැන්පත් කරයි

  👤  3175 readers have read this article !
By mawbima 2017-12-08

මුලතිව් - ශෂිකුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව බිහිකළ දෙමළ විමුක්ති සන්ධානය විසින් එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය පැවැත්වීමට නියමිත යාපනය - චාවකච්චේරි නගර සභා වෙනුවෙන් ඊයේ (07දා) ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.
දෙමළ විමුක්ති සන්ධානයෙන් චාවකච්චේරි නගර සභාවට ඉදිරිපත් වන කණ්ඩායම් නායකයාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් විසින් ඊයේ යාපනය මැතිවරණ කාර්යාලය වෙත ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණ සිටියහ.

ඇප තැන්පත් කිරීමට පැමිණි නියෝජිතයන් පැවැසුවේ යාපනය නගර සභාව තුළ දෙමළ ජාතික සන්ධානය පරදා දෙමළ විමුක්ති සන්ධානය ජයග්‍රහණය කිරීම ස්ථිර බවයි.
වැල්වැටිතුරෙයි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආනන්ද රාජ් හා වලිකාමම් නැඟෙනහිර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදයකුමාර් ඇතුළු කණ්ඩායමක් විසින් මෙසේ ඇප තැන්පත් කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon