ටී.එන්.ඒ. සමගි කරන්න ඕනෑම කැප කිරීමක් කරනවා

  👤  3197 readers have read this article !
By mawbima 2017-12-08

ලක්ෂ්මී ජයකොඩි

දෙමළ ජාතික සන්ධානයේ එකමුතුභාවය වෙනුවෙන් ඕනෑම කැප කිරීමකට තමා සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂ හා පෙරේදා පැවති සාකච්ඡාවේදීය.
මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂ අතර අපේක්ෂකයන් සංඛ්‍යාව ලබාගැනීම පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇති අතර දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ටෙලෝ පක්ෂයද තමන්ට අසාධාරණයක් සිදු වන්නේ නම් මෙවර දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව තනිව තරග කරන බවට ප්‍රකාශ කොට තිබේ.
කෙසේ වෙතත් ටෙලෝ සංවිධානයේ සාමාජිකයකුගෙන් අප කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ තවමත් මෙවර මැතිවරණයට තනිව තරග කරනවාද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon