ටී.එන්.ඒ. පක්ෂයට එරෙහි සටනට සූර්යයා ලකුණෙන් නව සන්ධානයක්

  👤  3195 readers have read this article !
By mawbima 2017-12-08

මුලතිව් - ශෂිකුමාර්
ඕමන්ත - ශේෂලා අමරසිංහ

දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය එක්ව නව සන්ධානයක් බිහිකරමින් සූර්යා ලකුණ යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී උතුරු නැඟෙනහිර පළාත්වලට තරග කිරීමට සියල්ල සූදානම් කොට ඇති බවට ඊ.පී.ආර්.එල්.එෆ්. නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවසක්ති ආනන්දන් මහතා කියයි. මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේ යාපනයේ කන්කසන්තුරෙයි ප්‍රදේශයේ පිහිටි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පෙරේදා (6දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවසක්ති ආනන්දන් මහතා වැඩිදුරටත් කියා සිටියේ, දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ ආනන්ද සංගරී මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය එක්ව පෙරේදා (06දා) නව සන්ධානයක් පිහිටුවා ගත් අතර මේ සන්ධානය දෙමළ විමුක්ති සන්ධානය වශයෙන් නම් කර සූර්යාගේ ලකුණින් ඉදිරි මැතිවරණවලදී තරග වදින බවයි. දෙමළ ජාතික සන්ධානය තුළ ක්‍රියාත්මක ඉලංගෙයි තමිල් අරුසුකච්චි ප්‍රතිපත්ති බොහෝ දුරට නොගැළපෙන බැවින් එම ප්‍රතිපත්ති පිළිගැනීමට නොහැකි තත්ත්වයක් උදාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් පැවසීය. නව සන්ධානය වෙනුවෙන් ඉදිරියේදී තවත් පක්ෂ කිහිපයක් එකතු වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබෙන බවත් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂයද ඉදිරියේදී බොහෝ දුරට එක් වීමට ඉඩ තිබෙන බවත් කීය. එසේම මේ දිනවල ටෙලෝ පක්ෂය සමඟද දෙමළ ජාතික සන්ධානය ගැටලු කීපයක් ඇති කරගෙන ඇති බවත්, එසේ වුවහොත් ටෙලෝ පක්ෂයද ඉවත් වුවහොත් එම පක්ෂයද නව සන්ධානයට එක් වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබෙන බැවින් ඉදිරියේදී උතුරේ ජනතාවට වෙනසක් සිදුකොට ඔවුන්ගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටීමට බලාපොරොත්තු වන බව පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon