යතුරුපැදි-ටිපර් රථ ගැටුමින්් යතුරුපැදියේ ගිය කත මරුට

  👤  3216 readers have read this article !
By mawbima 2017-12-08

මුලතිව් - ශෂිකුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ

යාපනයේ මීසාලේ ප්‍රදේශයේ පෙරේදා (06දා) සවස යතුරුපැදියක් ටිපර් රථයක ගැටීම හේතුවෙන් යතුරුපැදියේ පිටුපස ගමන් කළ කාන්තාව සිද්ධිය වූ ස්ථානයේම මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි. යතුරුපැදිය ධාවනය කළ මියගිය කාන්තාවගේ සැමියා බරපතළ ලෙස තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට තිබේ.
යාපනය පොලිසිය පවසන්නේ ටිපර් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට ගිය අවස්ථාවේදී චාවකච්චේරි ප්‍රදේශයේ සිට පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ 62 හැවිරිදි කාන්තාවකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon