අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් වැවිලි ප්‍රජාවට සහනාධාර

  👤  3185 readers have read this article !
By mawbima 2017-12-08

උදයන්ති මුණසිංහ

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනට බලපෑ හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වැවිලි ප්‍රජාව උදෙසා ලක්ෂ 32ක වටිනාකමකින් යුත් භාණ්ඩ ලබා දීම කඳුකර නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (04දා) සිදු කෙරිණි.
ආපදාවෙන් පීඩාවට පත්වූවන්ට සෙවිලි තහඩු, පැදුරු, කොට්ට ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ලබාදීම සිදුකෙරිණි.

අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ බගවන්තලාව - කැම්පියන්, ක්වීනා, අප්කොට්, මස්කෙළිය හා නෝර්වුඩ් යන ප්‍රදේශයන්හි පීඩාවට පත් වතු ප්‍රජාව වෙනුවෙන් මෙම උපකරණ බෙදා දුනි. මෙම අවස්ථාවට දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. තිලකරාජ්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රි සෝමා සීදරන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon