යහපාලන ආණ්ඩුවේ බිඳවැටීම ඇරැඹුණේ බැඳුම්කර මගඩියත් එක්කයි

  👤  3304 readers have read this article !
By mawbima 2017-12-08

ශ්‍රාවස්තිපුර _
ඉඳුනිල් සුලෝචන

මේ යහපාලනයයි කියන ආණ්ඩුව පිළිබඳ මේ රටේ ජනතාව හොඳටම කලකිරිලා. මේ ආණ්ඩුවට රට පාලනය කිරීමේ කිසිම හැකියාවක් නැහැ යනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ පවසයි.
මන්ත්‍රිවරයා ඒ බව පැවසුවේ හීනාබෝවගම ප්‍රදේයේ පැවැති රැස්වීමක් අමතමිනි.
ඔහු මෙසේද පැවැසුවේය.

මේ යහපාලන ආණ්ඩුවේ බිඳ වැටීම ආරම්භ වුණේ මහ බැංකු බැඳුම්කර මගඩියත් සමඟයි. අපේ පාලනය තුළ එවැනි දූෂණයක් කවදාවත් සිදුවී නැහැ. අපේ පාලන කාලයේදී මේ රටේ ත්‍රස්තවාදය මෙන්ම, දූෂණයත් භීෂණයත් වළක්වා තිබුණා. ජනතාව දැන් මේ දුර්දාන්ත ආණ්ඩුව පලවා හැර ජනතා හිතවාදී පාලනයක් බිහි කිරීම සඳහා නොඉවසිල්ලෙන් බලා සිටිනවා යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon