අය - වැය ඡන්ද විමසීම හෙට

  👤  3203 readers have read this article !
By mawbima 2017-12-08

යහපාලන ආණ්ඩුවේ 2018 වර්ෂය සඳහා මුදල් ඇමැති මංගල සමරවීර ඉදිරිපත් කළ අය - වැය පිළිබඳව කාරක සභා අවස්ථාවේ විවාදයෙන් පසු ඡන්ද විමසීම හෙට (9දා) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදුකෙරේ.

ඉකුත් නොවැම්බර් 09 වැනිදා ඉදිරිපත් කළ අය - වැය දෙවන වර කියැවීමේ විවාදය එම මස 16 වැනිදා දක්වා පැවැත්විණි.
අය වැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 17 වැනිදා ආරම්භ විය. එම විවාදය පුරා දින දහ අටක් පැවැත්වීමෙන් අනතුරුව හෙට සවස 5.00ට ඡන්ද විමසීම සිදුවේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon