සජින්ට 1,000ක් දඩ

  👤  3246 readers have read this article !
By mawbima 2017-12-08

කමල් මහේන්ද්‍ර වීරරත්න

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අල්ලස් චෝදනාවක් යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධනට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් ඊයේ (07දා) රුපියල් දහසක (රු. 1,000ක) දඩයක් නියම කරනු ලැබුවාය.

2011 මාර්තු මස 31 වැනිදා සිට 2012 මාර්තු මස 31 වැනි දින දක්වා කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුව සිටිමින් රජයට හෙළි කළ යුතු තම වත්කම් හා බැරකම් හෙළි නොකිරීමේ හේතුව මත ඔහුට එරෙහිව මෙම අල්ලස් චෝදනාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබිණි.
චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් විත්තිකාර හිටපු මන්ත්‍රිවරයාට අතිරේක මහෙස්ත්‍රාත්වරිය විසින් එලෙස රුපියල් 1,000ක දඩ මුදලක් ගෙවන ලෙස නියම කළ අතර එය නොගෙවන්නේ නම් වසරක ලිහිල් සිරදඬුවමක් නියම කරන බවද ප්‍රකාශ කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon