තවත් ගජමුතු පහක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

  👤  3467 readers have read this article !
By mawbima 2017-12-08

නිකවැරටිය කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් සහ ගල්ගමුව පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් කළ වැටලීමකදී ගජමුතු පහක් සහ ඇත් දළ කැබලි දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් පෙරේදා (6දා) අත්අඩංගුවට ගෙන තිබේ.

අලෙවි කිරීම පිණිස ළඟ තබාගෙන සිටියදී පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ගිරිබාව පොලිස් වසමට අයත් වල්පාලුව ප්‍රදේශයේ හා මීගලෑව පොලිස් වසමට අයත් බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (7දා) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 14දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්ගමුව මහෙස්ත්‍රාත් එල්. ටී. වරුෂවිතාන මහතා නියෝග කළේය. ගල්ගමුව පොලිසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

නිකවැරටිය කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක, පොලිස් සැරයන් අබේසිංහ (7566), පොලිස් කොස්තාපල් නන්දන (39906), කුමාර (73255), නිශාන්ත (76282), ආනන්ද (35799), අබේකෝන් (87231), තෙන්නකෝන් (13268) යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon