කාලය දිගු කළාට කමක් නෑ: චූදිතයන්ට ගැලවෙන්න දෙන්න බෑ

  👤  3460 readers have read this article !
By mawbima 2017-12-08

අනුරාධා හේරත්

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කෙරෙන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරගෙන හෝ කළ යුත්තේ චූදිතයන්ට ගැලවිය නොහැකි පරිදි නඩු පැවරීමට අවශ්‍ය සාක්ෂි ගොනු කිරීම බව දූෂණ විරෝධී හඬ පවසයි.

එහි කැඳවුම්කරු, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සමරසිංහ පවසන්නේ බැඳුම්කර කොමිසමේ වාර්තාව අද (08දා) නිකුත් වන තුරු ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටි නමුත් වංචාව පිළිබඳ සාක්ෂි හා කරුණු පිළියෙල කිරීමට යම් සාධාරණ කාලයක් අවශ්‍ය නම් එහි ගැටලුවක් නොමැති බවයි.

කෙසේ නමුත් නැවත එකී කාලය දීර්ඝ කරමින් මෙය ඇදගෙන යෑමට ඉඩදිය යුතු නොමැති බව පවසන සමරසිංහ මහතා ප්‍රකාශ කළේ මෙවර කොමිසමේ කාලය සති 3කින් දීර්ඝ කරගැනීම හරහා ස්වාධීන වාර්තාවක් නිකුත් විය යුතු බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon