පළාත් පාලන අමාත්‍යාංශය අසමත් වැඩ කරන්න දුන්නා නම් අපි දාලා යන්නෙ නැහැ

  👤  3317 readers have read this article !
By mawbima 2017-12-07

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අසමත් අමාත්‍යාංශයක්. එහි පසුගිය කාලෙ නිසි
කළමනාකාරිත්වයක් තිබුණෙ නැහැයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි පියංකර ජයරත්න පැවැසීය.
අවුරුදු දෙකයි මාස හයක් ගතවුණත් තවම ඡන්දය පවත්වා නැහැ. ගමේ ඡන්දෙ අහිමි කිරීමේ චෝදනාවත් පළාත් පාලන අමාත්‍යාංශයට හිමිවෙනවා.
මෙය වැඩ කරන්න පුළුවන් අමාත්‍යාංශයක් බව ඇත්ත. එහෙත් මා රාජ්‍ය ඇමැති ලෙස සිටින විට ප්‍රාදේශීය සභාවක් අනුමත කර ගැනීමට මට බැරිවුණා. කොළඹ කුණු පුත්තලමට ගේන්න එපා. වෙනසක් නොකර පෙබරවාරියේ ඡන්දෙ තියන්න.

ඇමැති ෆයිසර් මුස්තාපා නැඟිට කතා කරයි
පියංකර ජයරත්න
ඔබතුමා පහුගිය කාලෙ කළේ නැඟිටලා කෑගහපු එකයි. අපට වැඩ කරන්න දුන්නා නම් දාලා යන්නෙ නැහැ. ඇමැතිතුමා කොළඹ විතරක් වැඩ කරලා වැඩක් නැහැ.

මේ අය-වැයෙන් විශ්‍රාමිකයන් ගැන අමතක කරලා

සම්බන්ධීකරණ කමිටු සභාපති පදවි, ප්‍රාදේශීය සභාවක මන්ත්‍රි ධුරයක් හෝ නොමැති ආසන සංවිධායකයන්ට දීලා. ඒ නිසා රාජ්‍ය සේවය පවා හෑල්ලුවට ලක්වෙනවා යැයි ගම්පහ දිස්ත්‍රික් ජවිපෙ මන්ත්‍රි විජිත හේරත් කීවේය.

සයින්දමරදු ප්‍රදේශයට වෙනම ප්‍රාදේශීය සභාවක් දෙන බව අගමැතිවරයා පවා එහිදී කිව්වා. පොරොන්දු දීලා දැන් නැති ප්‍රශ්නයක් ඇති කර තිබෙනවා.
කැස්බෑව සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පදවිය දුන්නේ කාටද?. මහින්ද රාජපක්ෂ පාලනයේදීවත් මෙහෙම දේවල් කළේ නැහැ. මන්ත්‍රිවරයෙක් නැත්නම් යාබද ආසනයේ මන්ත්‍රිවරයා සභාපති පදවියට පත් කළා. 1997 පැවැති චක්‍රලේඛය ක්‍රියාත්මක කරන්න. සම්බන්ධීකරණ කමිටු සභාපති පදවි ප්‍රාදේශීය සභාවක මන්ත්‍රි ධුරයක් හෝ නැති නිකම්ම නිකන් ආසන සංවිධායකයන්ට දීලා. මෙවැනි වැඩ නිසා රාජ්‍ය සේවය පවා හෑල්ලුවට ලක් වෙනවා.

මේ අය-වැයෙන් විශ්‍රාමිකයන් ගැන අමතක කරලා. 2015 විශ්‍රාම ගිය අයට යම් අසාධාරණයක් වුණා. එය තවම නිවැරැදි කර නැහැ. 2020 වන විට පඩිය විසිදාහකින් නොවේ තිස් හතළිස් දාහකින් වැඩි කරන්න වෙයි. අද පොල් ගෙඩිය 110යි. 2020 වන විට කීය වෙයිද දන්නෙ නැහැ. දේශපාලන පළිගැනීම් සඳහා වන්දි ගෙවීමේ ඡන්දය කිට්ටු කර සිදුකරන්න එපා. එක පක්ෂයක පමණක් නොව හැම දෙනාටම වන්දි දෙන්න.

නව ක්‍රමය යටතේ ප්‍රාදේශීය සභාවල පැවැත්වෙන
පළමු හා අවසාන
මැතිවරණය මෙයයි

මෙය නව ක්‍රමය යටතේ ප්‍රාදේශීය සභාවල පැවැත්වෙන පළමු හා අවසාන මැතිවරණය වෙනවා යැයි ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති නිමල් ලන්සා පැවැසීය.
රටට සුදුසු මැතිවරණ ක්‍රමයක් ගේන්නයි මේ මැතිවරණ ක්‍රමය ගෙනාවේ. නමුත් මේ ක්‍රමය අනුව කිසිම සභාවක් ස්ථාවර නොවන බව මේ මැතිවරණයෙන් පසුව පෙනේවි.
තරුණ නියෝජනය මෙයින් අයින් කර තිබෙනවා. කේවල ක්‍රමයෙන් 60%ක්ද සංවිධායකවරයාට 40%ක්ද පත්කිරීමේ හැකියාවක් ඇතිකර තිබෙනවා. කොට්ඨාස ක්‍රමය ඕනෑ කියා විවිධ අය සනසන්න ගිහින් පනහට පනහ දෙන්න යනවා. මෙය ප්‍රාදේශීය සභාවල පළමු හා අවසාන මැතිවරණය වෙනවා. සමහර ප්‍රාදේශීය සභාවල ගොඩනැඟිලි පහසුකම් නැහැ. කාන්තා නියෝජනය සියයට 25ක් ලබාදීම ගැන විරුද්ධ නැහැ. නමුත් පරාජය වූ විට ඒ ලැයිස්තුවට කාන්තාවන් සංඛ්‍යාවක් පත්කිරීමේ ක්‍රමය වැරැදියි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සුවිශේෂී හා වැදගත් අමාත්‍යාංශයක්. රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය පරිගණක ගතකර දිස්ත්‍රික් කාර්යාල විසිපහ සමඟ ජාල ගතකර තිබෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon