අගමැති ධුරයෙන් ඉවත්වෙලා රනිල් ජනතාවගෙන් සමාව ගත යුතුයි

  👤  3405 readers have read this article !
By mawbima 2017-12-07

ඉස්සර කාලේ නම් ලොකුම මංකොල්ලය ලෙස හැඳින්වූයේ හාර ලක්ෂ මංකොල්ලය වුවත් ලෝක වාර්තාවක් පිහිටුවමින් රුපියල් කෝටි ලක්ෂයකට වැඩියෙන් කළ හීතල හොරකම බැඳුම්කර මකොල්ලය යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.
මන්ත්‍රිවරයා මේ අදහස් පැවැසුවේ ඊයේ (06දා) බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

මහ බැංකු මහ හොරකම නොනවතින හොරකමක්. අනික් ඒවායේ වෙන්නේ ටෙන්ඩරයක් ගැහුවා. ටෙන්ඩරයෙන් හොරකම් කළා. ඒ ටෙන්ඩර් හොරකමින් ලාභය ගත්තා.
මේ මහ බැංකු හොරකම නොනවතින හොරකමක් වෙන්නේ පොලී රේට්ටු වැඩිවුණා. ඇලෝසියස්ට උදව්වට ඔහුගේ මාමාගෙන් මහ බැංකුවේ අනුග්‍රහයෙන් ඒ වැඩිවුණු පොලී රේට්ටුව අපට දිගිින් දිගටම බලපනවා. ඒ නිසා මේක නොනවතින අලාභයක්. මේකෙ බරපතළකම විගණකාධිපතිතුමා ඔහුගේ වාර්තාවෙන් ඉදිරිපත් කරලා තිබුණා.
දැන් දැන් හෙළි වෙනවා ආණ්ඩුවේ මැති ඇමැතිවරු ගණනාවක් මේකට හවුල් කියලා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා මේකට හවුල් කියලා කිව්වා. බැඳුම්කර කොමිසමේදී රනිල් වික්‍රමසිංහගෙන් එක ප්‍රශ්නයක් අහලා තිබ්බා ඔහුට ඒකට උත්තර නැහැ.
"පර්පචුවල් ට්‍රෙෂරීස් අධිපති ප්‍රාථමික ගැනුම්කාර සමාගමේ අයිතිකරු මහ බැංකු අධිපතිගේ බෑනා බව ඔබ දැනගෙන හිටියද? කියලා අහද්දී, ඔව්, දැනගෙන හිටියා කියලා කියලා තිබුණා.

ඉතින් අර්ජුන මහේන්ද්‍රන් පත්කළොත් මහ බැංකු අධිපති හැටියට ප්‍රාථමික ගැනුම්කරුවෙක් වෙච්ච බෑනා වන ඇලෝසියස්ට විශේෂ වාසියක් සැලසෙන්න පුළුවන් කියනදේත් අගමැති දැනගෙන හිටියා.

ඒක නතර කරන්න අගමැතිතුමා මොකක්ද කළේ කියලා අහද්දී අගමැති කියලා තියෙන්නේ මම කිව්වා අර්ජුනට ඔහු ඒ පත්වීම ගන්න යද්දී ඔහුගේ බෑනාව ප්‍රාථමික ගැනුම්කරුවකුගේ තත්ත්වයෙන් හා ඒ සමාගමෙන් අයින් කරන්න කියලා. මහ බැංකු අධිපති එ්ක කරන්නම් කිව්වට හොයලා බැලුවද ඇලෝසියස් ගැනුම්කාරයා සමාගමේ අයිතියෙන් අයින් වුණාද කියලා. හොයලා බැලුවෙත් නැහැ ඇලෝසියස් අයින් වුණේ නැති බව ජනාධිපති කොමිසමෙන් හෙළි දරව් වෙනවා. එහෙම නම් ඇලෝසියස් ඒ සමාගමෙන් අයින් විය යුතුයි කියලා අර්ජුන මහේන්ද්‍රන්ට අගමැතිතුමා කොන්දේසියක් දැම්මට ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා වුණු අලාභය කෝටි ලක්ෂ ගාණනක්.
මෙබඳු හොරකමක අලාභයක බරක් මේ රටට එකතු කරපු අර්ජුන මහේන්ද්‍රන් හා ඔහුගේ බෑනා සම්බන්ධව අවසන් වශයෙන් වගකිව යුතු අගමැතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි. වෙන රටක නම් දෙතුන් පාරක් ඉල්ලා අස්වෙලා විතරක් නෙවෙයි මුළු රටෙන්ම සමාව අයදිනවා.

ඔහු මේ හොරකමේ හවුල්කරුවෙක් පමණක් නොවෙයි. ඒ හොරකම ආරක්ෂා කිරීමත් ඔහුගේ රාජකාරිය වෙලා තියෙනවා.
ඔය අතර මාධ්‍යවල වාර්තා වෙනවා. කෝප් කමිටුවට යැවූ යූ.ඇන්.පී. මන්ත්‍රිවරු අර්ජුන මහේන්ද්‍රන් නිර්දෝෂී බව කියන්න නොයෙකුත් උත්සාහ ගත්තා කියලා. ඒ මන්ත්‍රිවරුන්ගෙන් එක් අයකුට ඉතා නවීන පන්නයේ බෙන්ස් කාර් එකකුත්, ගේකුත් ලැබුණා. තවත් කෙනකුට ඉතාම නවීන පන්නයේ කාර් එකක් ලැබිලා. මේවා නම් ගම් නැතිව වහෙන් හොරෝ ක්‍රමයටයි හෙළිදරව් කරලා තියෙන්නේ. මේවා තවත් හෙළිදරව් වෙයි.

මේ අගමැතිවරයාට ඔහුගේ බලය යටතේ මේ පොලිසිය නැත්නම් ඔහුගේ අගමැති ධුරය යටතේ මේ ආණ්ඩුව නැත්නම් ඔහුත්, ඔහුගේ වුවමනාව අනුව ක්‍රියා කරපු මැති ඇමැතිවරු, පාද සටහන් කල්ලිය අද ඉන්නේ රිමාන්ඩ් හිර භාරයේ.
මේ පළාත් පාලන ඡන්දය අවසන් වනවාත් සමඟම ආණ්ඩුවේ බිඳවැටීම නොවැළැක්විය හැකියි.

හර්ෂනී අර්සකුලරත්න
ඡායාරූප - අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon