රාජපක්‍ෂ ආණ්ඩුවට අත් වූ ඉරණම හවුල් ආණ්ඩුවටත් අත්කර දෙනවා

  👤  3404 readers have read this article !
By mawbima 2017-12-07

කම්කරුවාගේ පැය 8 වැඩමුරය ඇතුළු කම්කරු නීතිවලට අත තැබීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, පරාජයට පත් රාජපක්ෂ පාලනයට අත්වූ ඉරණම වත්මන් හවුල් ආණ්ඩුවටද අත් කර දෙන බව අන්තර් සමාගම් සේවක සංගමය අවධාරණය කරයි.
එම සංගමයේ සභාපති, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සමරසිංහ පවසන්නේ අය-වැයෙන් ලබන වසරේ ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 98,500ක් බවත් රටේ සමස්ත ණය පොලී වාරිකය පමණක් රුපියල් කෝටි 82,000ක් ගෙවීමට සිදු වන බවත්ය.

එමෙන්ම මහ බැංකු බැඳුම්කර වංචාවෙන් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් මිලියන 15,000කට ආසන්න මුදලක් අහිමි කර ඇති බව පවසන සමරසිංහ මහතා කියා සිටියේ වැඩකරන ජනතාවට මේ වන විට පටවා ඇති බදු බර ඉතා බරපතළ බවයි.

යූ.එන්.පි.ය එක එක ප්‍රතිපත්ති ප්‍රකාශන වරින් වර ඉදිරිපත් කරනවා. ආසියාවේ හොඳම මුදල් ඇමැති විදියට රවි කරුණානායක සම්මාන ගන්නවා. සම්මාන දුන්න සමහර තොරතුරු හෙළි කරන්නෙ නෑ. හැබැයි හොඳම මුදල් ඇමැතිම බැඳුම්කර වංචාවට සම්බන්ධයි කියලා ඉල්ලා අස්වෙන්න වෙනවා. ජනතාව අතරෙ හොරෙක් වෙනවා. ආයෙ මාස 12කින් 2025 පොහොසත් රටක් කියලා තව වැඩපිළිවෙළක් එනවා. මේක තමයි යූ.එන්.පි.යේ. ආර්ථිකය. යැයිද ඒ මහතා චෝදනා කරයි.
තව පැත්තකින් ෆුට්නෝට් කල්ලිය සල්ලි අරන් ඇලෝසියස්ගේ කාර්ය භාරය ඉටු කෙරුවා. ඔක්කොම හොරු ටික එකතු වෙලා හොරකමේ යනවා. ජනතාව බදු ගෙවනවා යැයිද හෙතෙම වැඩිදුරටත් කීය.

"ජනතා හිස මත වැටෙන අය-වැය හෙණ ගෙඩි" මැයෙන් අන්තර් සමාගම් සේවක සංගමය සංවිධාන කළ සම්මන්ත්‍රණයේදී සමරසිංහ මහතා මේ බව කීය. වැඩිදුරටත් අදහස් දැක්වූ සමරසිංහ මහතා.
ලබන පෙබරවාරි ඡන්දය එනවා. ඡන්ද අපේක්ෂකයා ඔබ මුණගැහෙන්න එනවා. මේ අලුත් අය-වැයේ හෙණ ගෙඩි මොනවද කියලා තේරුම් අරගෙන ඡන්දය පාවිච්චි කිරීමේ වගකීම ඔබ සතුයි.

එජාපය මේ අය-වැය ඉදිරිපත් කරන්න කලින් දින හැට වැඩපිළිවෙළක් දැම්මා. දසලක්ෂයකට රැකියා දෙනවා කියලා අගමැති කිව්වා. ඊට පස්සෙ බලගතු ශ්‍රී ලංකාවක් කියලා. පස්සෙ 2025 පොහොසත් රටක් කියලා මාස 12කින් පොතක් ගහනවා.

මෛත්‍රිපාල මහත්තයා මොනවද කළේ. දැන් එකට එකතුවෙලා හොරකම් කරනවා කියලා ඔප්පු වෙලා. රටට අහිමි කරලා තියෙන වංචා දූෂණවල සල්ලි ටික එකතු කරගත්තා නම් මේ අය-වැයෙන් බදු ගහන්න ඕන නෑ. කෘෂිකර්ම ගොඩනැඟිල්ලට ලක්ෂ 225යි මාසෙක කුලිය. පොහොර සංස්ථාවට රෙස්ට් හවුස් එකක් අනුරාධපුරයේ අරන් තියෙනවා. ඔහුට 1,55,000ක් අවුරුද්දක කුලිය ගෙවලා. අවුරුද්දකින් වැඩ අරගෙනත් නෑ. මේක විතරක් නෙමේ විශාල ගනුදෙනු සිද්ධ වෙලා. මේවා මෛත්‍රිපාල මහත්තයා පත්තරෙන්වත් දැකලා නෑ.

එළැඹෙන මැතිවරණයේදී මේ අය-වැය සම්මත කරපු අය ඔබේ ගෙදරට එනවා. එවිට ඔබලා ප්‍රශ්න කරන්න ඕනෑ. මේ පැය 8 වැඩ දිනය වෙනස් කරන්නෙ කොහොමද කියලා. කම්කරු නීති සංශෝධනය කරන්නෙ කොහොමද, කාන්තාවන්ට රාත්‍රි මුර සේවය ඇති කරන්නෙ කොහොමද ඔහෙලා අත ඉස්සුවේ කියලා ප්‍රශ්න කළ යුතුයි.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon