ගජමුතු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා 14දා තෙක් රිමාන්ඩ්

  👤  3312 readers have read this article !
By mawbima 2017-12-07

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම
මහගල්කඩවල - එච්.එම්.සී. ඉලංගකෝන්

ගල්ගමුව ප්‍රදේශයේදී වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් කළ වැටලීමකදී ගජමුතු තුනක් සමඟ අත්අඩංගුවට පත් පුද්ගලයන් තිදෙනා මෙම මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්ගමුව මහෙස්ත්‍රාත් එල්.ටී. වරුෂවිතාන මහතා ඊයේ (06දා) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ ගල්ගමුව, පලුකන්දෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් ගල්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා විසින් වන රක්ෂණ ආඥා පනතේ 24 හා 25 වැනි වගන්ති යටතේ ගජමුතු පොදු දේපළ යටතට ගැනෙන නිසා ඒ අනුව කරුණු දැක්වූ අතර සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා කියා සිටියේ වටිනාකමක් ඉදිරිපත් කිරීමට නොහැකිව තිබියදී සැකකරුවන් මේ ආකාරයෙන් අධිකරණයට ඉදිරිපත් කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඉල්ලා සිටිය නොහැකි බවය. සැකකරුවන් විසින් රුපියල් ලක්ෂ තිහකට අලෙවි කිරීමට සැලසුම් කර තිබූ මෙම ගජමුතු සම්බන්ධයෙන් වලාන පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වෙස්වළාගත් පොලිස් නිලධාරීන් ඒවා මිලදී ගැනීමට ගිය මුවාවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි. අදාළ වැටලීම සිදුකිරීමට පෙර සැකකරුවන් සමඟ දින දෙකක් පුරා දුරකතනයෙන් සබඳතා පවත්වා ඇති බවද වලාන නිලධාරීහු පැවැසූහ. අත්අඩංගුවට පත්වූ පුද්ගලයන්ගෙන් එක් පුද්ගලයකුගේ නිවෙස ඉදිරිපිට තිබූ සැක සහිත යතුරුපැදි තුනක්ද ගල්ගමුව පොලිස් නිලධාරීහු පසුව අත්අඩංගුවට ගනු ලැබූහ. අදාළ වැටලීමෙන් පසු ඉදිරි විමර්ශන කටයුතු සඳහා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් තිදෙනා ගල්ගමුව පොලිසියට භාරදෙන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon