කොළඹ ජල නළ පද්ධතිය වැඩිදියුණු කෙරේ

  👤  3316 readers have read this article !
By mawbima 2017-12-07

ආරියරත්න ගනේගොඩ

වසර 100කටත් වඩා පැරැණි කොළඹ නගරයට ජලය බෙදාහැරීමේ පද්ධතිය, වර්තමානයේ වැඩි වෙමින් පවතින ජනගහනයට ප්‍රමාණවත් නොවන නිසා මේ දිනවල වැඩි දියුණු කෙරෙමින් පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන කාලය තුළ පහත දැක්වෙන ප්‍රදේශවලට අපහසුතා ඇතිවිය හැකි බවත් ඒවා විඳ දරා ගනිමින් එම කටයුතු සඳහා සහාය ලබාදෙන ලෙසත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ අනුව බොරැල්ල මාලිගාවත්ත, තිඹිරිගස්යාය, කොළඹ 07, මාදම්පිටිය, මෝදර, මට්ටක්කුලිය, කොටහේන, කොල්ලුපිටිය, පිටකොටුව, කොටුව, වැල්ලවත්ත සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල ඒ සඳහා නළ එළීමට අගල් කැපීම සිදුකෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon