ලබන වසර අවසන් වන විට රටට අවශ්‍ය ඔෟෂධවලින් 80%ක් මෙරටේදීම නිපදවනවා

  👤  3315 readers have read this article !
By mawbima 2017-12-07

උදයන්ති මුණසිංහ

ලබන වසරේ අවසානය වනවිට අපේ රටට අවශ්‍ය ඔෟෂධවලින් සියයට 80ක් මෙරටම නිෂ්පාදනය කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි.

මෙරටට අවශ්‍ය ඔෟෂධ වර්ග 1250ක් පමණ තිබෙන බවත්, ඒ අතරින් මූලික වශයෙන් අවශ්‍ය ඔෟෂධ 500ක් පමණ තිබෙන බවත් පෙන්වා දෙන ඇමැතිවරයා මෙම අත්‍යවශ්‍ය ඔෟෂධවලින් 75%ක් දේශීයව නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කරයි. ඔෟෂධ නිෂ්පාදනය කිරීම අතරතුරදී මෙරටට ඔෟෂධ ආනයනය කිරීම ක්‍රමයෙන් නතර කරන බවත්, දැනටමත් හොරණ ඇතුළු ස්ථාන දෙකක ඔෟෂධ නිෂ්පාදන සමාගම් ආරම්භ කර තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon