රජයට නින්දා අපහාස එල්ල කළත් රටේ සංවර්ධන පෙරළියක් කළා

  👤  3329 readers have read this article !
By mawbima 2017-12-07

පහන් විජේසේකර,

චීන රජයෙන් ලැබුණු මිත්‍රශීලී පරිත්‍යාගයක් වන රුපියල් මිලියන 12,000ක වියදමින් පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා මුල් ගල් තැබීම ඊයේ (6දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදු විය.
එහිදී උත්සව සභාව ඇමැතූ ජනාධිපතිවරයා පැවැසුවේ අද ශ්‍රී ලංකාවට හිමිව තිබෙන අන්තර්ජාතික සහයෝගිතාව සහ මිත්‍රත්වය රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට උපරිමයෙන් යොදා ගන්නා බවයි.

වත්මන් රජයට නින්දා අපහාස කොතෙක් එල්ල කළද අද රටේ සංවර්ධනය තුළ විශාල වෙනසක් සහ පරිවර්තනයක් සිදුව තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කෘෂිකර්ම, අධ්‍යාපන, සෞඛ්‍ය, පානීය ජලය ඇතුළු සියලු ක්‍ෂේත්‍ර පුළුල් සංවර්ධනයට ලක්ව තිබෙන බවත් සඳහන් කළේය.
මේ අතර පොළොන්නරුව මහ රෝහලේ ඉදිකෙරෙන ආඝාත ප්‍රතිකාර සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමද ඊයේ (6දා) ජනාධිපතිවරයා අතින් සිදු විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon