පල්ලේබැද්දේ පාළු නිවෙසක අත්-පා-හිස වෙන්කළ මළ කඳක්

  👤  3394 readers have read this article !
By mawbima 2017-12-07

පල්ලේබැද්ද - සිසිර පීල්ලදෙණිය

පල්ලේබැද්ද මහගම බටහිර ග්‍රාමසේවා වසමේ දඹේතැන්න කළුගහහින්න ප්‍රදේශයේ නිවෙසක කපා කොටා හිස කොටස, පාදයක් සහ අතක් සිරුරෙන් වෙන් කර ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් නිවෙසේ තිබී ඊයේ (06දා) සොයාගත් බව ගොඩකවෙල පොලිසිය කියයි.

මේ ඝාතනය සිදුවූ ස්ථානයේ දැනට මාස හතරක පමණ කාලයක සිට කුරුඳු තළන පුද්ගලයන් දෙදෙනෙක් පදිංචිව සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාගේ හිස කොට කැබැල්ලක් මත තබා තියුණු ආයුධයකින් කපා හිස කඳින් වෙන්කර ඇත. එම සිරුරේ දකුණු පාදයේ දණහිසෙන් පහළ කොටසක් හා දකුණු අතේ වැලමිටෙන් පහළ කොටස කපා වෙන්කර ඇති බව පොලිසිය කියයි.


මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ගාල්ල, අහුන්ගල්ල, ගල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිව සිටි තිස් හය හැවිරිදි පුද්ගලයෙක් බවට එම නිවෙස් හිමියාගෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි. මේ නිවෙසේ පදිංචිව සිටි පුද්ගලයන් පිරිස ගාල්ල අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි අයවලුන් බවට තොරතුරු ලැබී ඇතැයිද මේ පිරිස එම නිවෙසේ නවාතැන් ගෙන සිටි බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කියයි.
ඝාතනයෙන් පසුව එහි සිටි අනෙක් පුද්ගලයන් පලාගොස් ඇති බවත් එම මළ සිරුරේ වෙන් කරන ලද කොටස් එම පුද්ගලයන් විසින් රැගෙන ගොස් වෙනත් ස්ථානයකට දමා යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

එම නිවෙස අසල වැසිකිළියක පොහොර බෑගයක යමක් දමා තිබෙන බවට පෙනෙන්නට ඇති බවත් එහි ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ සිරුරේ කොටස් ඇති බවට සැක කරන බව පොලිසිය කියයි.

මෙහි මහෙස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබූ අතර රත්නපුර සහකාර පොලිස් අධිකාරි ටී. ඒ. එස්. නිශ්ශංක මහතාගේ උපදෙස් මත ගොඩකවෙල වැඩ බලන පොලිස් ස්ථානාධිපති එල්. කේ. හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් සැරයන් උපුල් (43209), පොලිස් විශේෂ කාර්යාංශයේ පොලිස් සැරයන් රත්නසිරි (32977), පොලිස් කොස්තාපල්වරුන් වන කුමාරවංශ (42704), වසන්ත (42746) ඇතුළු බුද්ධි අංශ නිලධාරීහු ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon